නේවාසික සහ බාහිර බැතිමතුන් සදහා උපදෙස් මාලාව


අනාලයා බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආර්‍යෂ්ඨාර්oගික මාර්ගය අනුගමනය කරනු ලබන සහ එම මාර්ගය පුරුදු පුහුනු කරනු ලබන බැතිමතුන් උදෙසා වෙන්කර ඇත.

මධ්‍යස්ථානය කළමානකරණය කරනු ලබන්නේද එම මාර්ගය අනුගමනය කරනු ලබන පාර්ශවයන් විසින් බැවින්, ආර්‍යෂ්ඨාoගික මාර්ගය අනුගමනය කිරීම සදහාත්, ඉන් උපරිම ඵල ලබා ගැනීම සදහාත් ඔවුන් විසින් ඔබට හැකි සෑම ආකාරයකින්ම උපකාර කරනු ඇත.

බැතිමතු් විසින් ඔබගේත්, අන් අයගෙත් ආගමික අභ්‍යාසයන් සදහා උපකාරයක් වශයෙන් පහත සදහන් මගපෙන්වීම් වලට අනුව කටයුතු කරනු ඇතැයි මධ්‍යස්ථාන කළමානකරණය විසින් අපේක්ෂා කෙරේ.

  1. පුර්ව අනුමැතිය ලබා නොමැත්තේනම් මධ්‍යස්ථානයට පස්වරු 9.00 පසුව නොපැමිණිය යුතුය.
  2. පුර්ව වැඩපිළිවෙලක් යාගෙන නොමැත්තේ නම් මධ්‍යස්ථානය ගේට්ටුව විවaත කරනු ලබන්නේ පෙරවරු 5.00 පසුව පමණි.
  3. නේවාසික බැතිමතුන් මධ්‍යස්ථානයට පැමිණීමට ප්‍රථම කාමර හෝ ඇඳන් වෙන්කර ගැනීම අවශ්‍ය වේ.
  4. පොරොන්දු වූ පුද්ගලයන් සoඛ්‍යාව පමණක් ලැගුම් ගැනීම සදහා පැමිණිය යුතුය. උදාහරණ : පුද්ගලයන් 05 දෙනෙකු ඉඩකඩ වෙන්කර ගන්නේ නම්, පැමිණිය යුත්තේ 05 දෙනෙකු පමණි.
  5. මධ්‍යස්ථානය නඩත්තු කිරීම සදහා වැය වන මුදල් පියවාගැනීම සදහා ( උදාහරණ : ජල විදුලි සහ අනෙකුත් පහසුකම් සදහා) හතර දෙනෙකු සිටිය හැකි කාමරයකට සහනදායි මිලක් අයකරුනු ලබන අතර, එය දිනකට රු : 1500/= වනු ඇත. මෙම කාමරයක් භාවිතය සදහා උපරිම පුද්ගලයන් සංක්‍යව 04කි.
  6. දෙදෙනෙකුගෙන් සමන්විත කාමර සදහා සහනදායි මිලක් අයකරනු ලබන අතර, එය දිනකට රු : 800/= වනු ඇත. එක් කාමරයක් භාවිතය සදහා උපරිම පුද්ගලයන් සංක්‍යව 02කි.
  7. පුරුෂ සහ කාන්තා නිදන ශාලා සදහා මුදල් අයකිරීමක් සිදුනොකෙරේ. සියලුම නේවාසික බැතිමතුන් පස්වරු 2.00 පසුව පැමිණිය යුතුය අතර දහවල් 12.00 පෙර පිටත් විය යුතුය.
  8. සියලුම නේවාසික බැතිමතුන් විසින් ඇඳ කවර සහ කොට්ට උර යනාදිය පෞද්ගලිකව සපයා ගත යුතුය.
  9. අනෙකුත් බැතිමතුන්ට කරදරයක් නොවන පරිදි සැමවිටම නිශ්ශබ්දතාවය පවත්වාගත යුතුය.
  10. ජංගම දුරකථන නිශ්ශබ්ද කර තබාගැනීමට සැලකිලිමත් විය යුතුය.
  11. මධ්‍යස්ථානය සතුව පිරිසිදු කිරීමේ කාර්යාල මණ්ඩලයක් නොමැති හෙයින් කාමර සහ අනෙකුත් අදදාළ ප්‍රදේශ පිරිසිදු කර තබා ගැනීමට වගබලා ගටහ යුතුය.
  12. ජලය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු අතර, පනීය ජලය පමණක් ගැනීමට කටයුතු කල යුතුය.
  13. අපද්‍රව්‍ය/කසල ඒ ඒ අවස්ථාවේදීම වෙන්කිරීමට කටයුතු කල යුතු අතර, ඒවා අපද්‍රව්‍ය වර්ගය අනුව නම් කර ඇති බදුන්වලට දැමීමට වග බලා ගතැහැ යුතුය.
  14. අභරණ වැනි වටිනා ද්‍රව්‍ය ගෙන එමෙන් වැළකිය යුතුය. එවැනි දෑ පිළිබදව ආරක්ෂාව ඔබ සතු වගකීමකි.
  15. මධ්‍යස්ථානයෙන් පිටවන අවස්ථාවේදී කාමර වල යතුරු මධ්‍යස්ථාන භාරකරුට ආපසු ලබා දීමට අමතක නොකරන්න.
  16. භාවනා වැඩ සටහන් නොමැති දින වලදී, බැතිමතුන් විසින් සිය ආහාර පිළියෙල කර ගත යුතුය. ආහාර පිළියෙල කර ගැනීම සදහා මධ්‍යස්ථානයේ මුලුතැන්ගෙයි උපකරණ, විදුලිය සහ ගෑස් යනාදිය නොමිලේ සපයනු ලැබේ.
  17. අවශ්‍ය බඩු භාණ්ඩ මිලදි ගැනීම බැතිමතුන්ගේ වගකීමක් වන අතර, අවශ්‍ය නම් තමාට ස්වාධීන වූ වැඩ පිළිවෙලක් ද ඒ සදහා සකසාගත හැකිය.
  18. අපද්‍රව්‍ය / කසල බැහැර කිරීම අපහසු බැවින් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර සහ පණිබිම මධ්‍යස්ථානයට රැගෙන නොආයුතුය. උදා :- යෝගට් ,වතුර බෝතල්